සිංහල தமிழ் English

IMF මීටරය යනු ශ්‍රී ලංකාවේ 2023 IMF වැඩසටහන සදහා රජය පොරොන්දු වී ඇති කැපවීම්වල ප්‍රගතිය නිරීක්ෂණය කරන මෙවලමකි. මෙම මීටරය මාසිකව යාවත්කාලීන කරනු ලබන අතර, 2024 ජූනි 31 දිනට අදාල ප්‍රගති විශ්ලේෂණය පහතින් දැක්වේ.

ප්‍රගතිය:

26%
16%
37%
21%

Raj is a twat

Improving Democracy Improving Democracy Improving Democracy Improving Democracy Improving DemocracyImproving DemocracyImproving Democracy Improving Democracy Improving Democracy Improving Democracy Improving Democracy

Relief for the People Relief for the People Relief for the People Relief for the People Relief for the People Relief for the People Relief for the People Relief for the People Relief for the People Relief for the People Relief for the People Relief for the People

ව්යුහාත්මක මිණුම් සලකුණු

  • 3 Test

    asdasd

    more
    සම්පූර්ණයි
  • සිංහල දෙමළ ද්වී භාෂා අධ්‍යාපනය අනිවාර්ය කිරීම

    "සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්නා දරුවන්ට දෙමළ භාෂාව ද දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගන්නා දරුවන්ට සිංහල භාෂාව ද ඉගැන්වීමට අවශ්‍ය සියලුම පහසුකම් සපයා එකී භාෂාවන් ඉගෙන ගැනීම අනිවාර්ය කෙරේ"

    more
    සම්පූර්ණයි
  • රාජ්‍ය ආයතන කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණ ව්යුහයක් ඇති කිරීම

    "ග‍්‍රාමීය සංවර්ධන, කෘෂිකර්ම, සංචාරක, වැවිලි කර්මාන්ත,පර්යේෂණ, ඉදිකිරීම් සහ අපනයන වැනි ක්‍ෂේත‍්‍රවල ඇති විවිධ රාජ්‍ය ආයතන කටයුතු කාර්යක්ෂම ලෙස ඉටු කිරීම සඳහා එක් එක් ක්‍ෂේත‍්‍ර ඉලක්ක කර ගත් ඒකාබද්ධ යාන්ත‍්‍රණ ව්‍යුහයක් ඇති කරනු ලැබේ"

    අයවැය කතාව 2021: ''එකිනෙකට සම්බන්ධ වූ කාර්යයන් සඳහා වෙන වෙනම ආයතන පවත්වා ගැනීම නිසා එම ක්ෂේත්‍රවල සංවර්ධන කටයුතුවලට විශාල බාධාවක් මෙන්ම අධික වියදමක් දැරීමටද සිදුවී තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රය සඳහා පවත්නා ආයතන 5 සංචාරක ප්‍රවර්ධන අධිකාරිය ලෙසත්, පොල් කර්මාන්තය සඳහා ඇති ආයතන 4 පොල් වගා හා ආශ්‍රීත කර්මාන්ත සංවර්ධන අධිකාරිය වශයෙනුත් ඒකාබද්ධ ආයතනික ව්‍යූහයක් ඇති කිරීමට අපේක්ෂා කරනවා. පර්යේෂණ සඳහා වැයවෙන සම්පත් උපරිම ඵළදායිතාවයකින් යුතුව කළමනාකරණය කිරීම සඳහා ජාතික පර්යේෂණ සභාවේ අනුබද්ධිත ආයතන ලෙස පර්යේෂණ ආයතන ක්‍රියාත්මක කිරීමටද අවශ්‍ය වී තිබෙනවා. පොහොර ආනයනය හා බෙදාහැරීම සඳහා පවත්නා ආයතන ඒකාබද්ධ කිරීමටද යෝජනා කරනවා.'' [43 පිටුව]

    more
    සම්පූර්ණයි
  • අප්‍රේල් 21 වනදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කිරීමට ස්වාධීන කොමිෂන් සභාවක් පත් කිරීම

    "අප්‍රේල් 21 පාස්කු ඉරිදා දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කිරීමට පූර්ණ බලතල සහිත ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන අතර එම කොමිෂමේ යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනේ"

    2019 සැප්තැම්බර් 20 වැනි දින එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව (PCoI) පිහිටුවන ලදී. 2020 මාර්තු සහ 2020 සැප්තැම්බර් මාසවලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම කොමිසමේ කාලය දෙවරක් දීර්ඝ කර ඇත. මෙම කොමිසම සිය වාර්තාව පෙබරවාරි 2021 ඉදිරිපත් කර ඇත. වගකිවයුත්තන්ට එරෙහිව රජය තවමත් පියවර ගෙන නැත.

    මූලාශ්‍ර:
    1. කමිටු පිහිටුවීම: http://documents.gov.lk/files/egz/2019/9/2141-88_E.pdf

    2. කොමිෂන් සභා කාලය දීර්ඝ කිරීම පිළිබඳව:
    http://documents.gov.lk/files/egz/2020/3/2167-05_E.pdf
    http://documents.gov.lk/files/egz/2020/9/2191-45_E.pdf

    more
    සම්පූර්ණයි

    01-Feb-21

  • ත්‍රස්තවාදී චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන දිගු කලක් රඳවා ගෙන සිටින සියලුම දෙනා මාස තුනක් ඇතුලත නඩු පැවරීමට හෝ නිදහස් කිරීමට කටයුතු කිරීම

    "ත‍්‍රස්තවාදී චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන දිගු කලක් රඳවා ගෙන සිටින සියලූ ම දෙනා මාස තුනක් ඇතුළත නඩු පැවරීමට හෝ නිදහස් කිරීමට කටයුතු සම්පාදනය කෙරේ"

    මෙම පොරොන්දුවේ ප්‍රගතිය පිළිබඳ කිසිදු තොරතුරක් පොදු අවකාශයේ සොයාගන්නට නැත.

    ත්‍රස්තවාදයට සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් රඳවා තබාගෙන සිටින පුද්ගලයන් මෙම ආණ්ඩුව මගින් මාස තුනක් තුල අධිචෝදනා ගොනු කිරීම හෝ නිදහස් කිරීමක් සිදු කල බවට පිළිබඳ තොරතුරක් ප්‍රසිද්ධ කර නොමැත. මේ හේතුව නිසා, මෙම පොරොන්දුව කැඩී ඇති බවට වර්ගීකරණය කර ඇත.

    more
    සම්පූර්ණයි

    12-Oct-21

  • ජාතික ප්‍රසම්පාදන ප්‍රතිපත්තියක් සකස් කිරීම

    "අද බොහෝ රටවල් දූෂණය පිටු දැකීමට තාක්ෂණය විසඳුම ලෙස යොදා ගෙන ඇත. එමනිසා ජාතික ප‍්‍රසම්පාදන ප‍්‍රතිපත්තියක් සකස් කොට එය අකුරටම කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වෙමු"

    more
    ඉටුකර නැත
  • මූල්‍ය අපරාධ යුක්ති විනිශ්චය අධිකරණයක් පිහීටුවීම

    "පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නීත්‍යනුකූල ව පිහිටුවා මහජනතාවට ද පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙන අතර පාට පක්ෂ නොසලකා සියලූ දූෂණ හා වංචාවලට වැට බඳින ‘මූල්‍ය අපරාධ යුක්ති විනිශ්චය අධිකරණයක්’ පිහිටුවනු ලැබේ."

    මෙම පොරොන්දුවේ ප්‍රගතිය පිළිබඳ කිසිදු තොරතුරක් පොදු අවකාශයේ සොයාගන්නට නැත.

    කෙසේ වෙතත් පළමු අවස්ථාවේ කටයුතු පිළිබඳව විශේෂ අධිකරණයක් සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇත. අභියාචනාධිකරණ විනිසුරු වන ආචාර්ය රුවන් ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත්, අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුවේ නිර්දේශ මත ක්‍රියා කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී. රට තුළ නීතිය ප්‍රමාද වීමට හේතු වන ගැටළු පිළිබඳව මෙම කමිටුව අවධානය යොමු කරනු ඇත.
    (කැබිනට් තීරණ, 14 ජූනි 2021)

    more
    ඉටුකර නැත

    12-Oct-21

  • රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය තහනම් කිරීම

    "රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය තහනම් කිරීම සඳහා නීතිමය රාමුවක් හඳුන්වා දීම සහ පෞද්ගලීකරණය කර ඇති රජයේ කොටස් නියෝජනය කිරීමේ දී රාජ්‍ය ප‍්‍රතිපත්ති අනුකූල කිරීමේ කොන්දේසි නීතිගත කිරීමට කටයුතු කෙරේ"

    අයවැය කතාව 2021: ''වාණිජමය කටයුතු සඳහා පෞද්ගලික අංශය රාජ්‍ය අංශයට වඩා ඉදිරියෙන් සිටියත්, රාජ්‍ය අංශයේ ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීම එයට විකල්පයක් ලෙස අප තෝරා ගන්නේ නැහැ. අපගේ ප්‍රතිපත්තිය වී ඇත්තේ පෞද්ගලික ව්‍යාපාර කළමනාකරණ නිදහස රාජ්‍ය ව්‍යාපාර වලට ලබාදී, රාජ්‍ය අංශයේ මැදිහත්වීම තුළ වෙළදපළ තරඟකාරීත්වය මෙන්ම පාරිභෝගික හා සේවාලාභීන්ගේ සුභසාධනය වැඩි කිරීමයි. එබැවින්, විවිධ ක්ෂේත්‍රවල ඇති රාජ්‍ය ව්‍යාපාරවල වාණිජමය නිදහස තහවුරු කිරීමට අවශ්‍ය රාජ්‍ය කළමනාකරණ ස්වාධීනත්වය ලබාදීමට නීති රාමුවක් ඉදිරිපත් කිරීමට යෝජනා කරනවා.'' [42 පිටුව]

    මෙම පොරොන්දුවේ ප්‍රගතිය පිළිබඳ කිසිදු තොරතුරක් පොදු අවකාශයේ සොයාගන්නට නැත.

    more
    ඉටුකර නැත

    12-Oct-21

  • රාජ්‍ය ව්‍යවසායන්හි වාර්ෂික වාර්තා පිළියෙළ කිරීම විධිමත් කිරීම

    "රජයට මූලෝපායික ව වැදගත් යැයි මහා භාණ්ඩාගාරය විසින් හඳුනාගනු ලැබ ඇති ආයතනවල ක‍්‍රියාකාරිත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීම"

    more
    ඉටුකළ යුතු
  • වසර තුනක කාලයකට රාජ්‍ය අංශයට වාහන හා කාර්යාල මිල දී ගැනීම, කුලියට ගැනීම නතර කීරීම

    "රාජ්‍ය වියදම් සහ ආයෝජන සඳහා ඉදිරිපත් වන අමාත්‍ය මණ්ඩල පති‍්‍රකා ආමත්‍ය මණ්ඩල ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරී කණ්ඩායමක නිරීක්ෂණයට ලක් කර එහි නිර්දේශ සහිතව ඉදිරිපත් කිරීමට කටයුතු කෙරේ"

    more
    ඉටුකළ යුතු
  • නව ව්‍යවස්ථාවක් බිහි කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීම

    "මහජනතාවගේ මෙන් ම විවිධ දේශපාලන සහ බහුජන සංවිධානවල යෝජනා ලබා ගෙන නව ව්‍යවස්ථාව බිහි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලූ ම පක්‍ෂ නියෝජනය කරන තේරීම කාරක සභාවක් පත් කිරීමට කටයුතු කිරීම"

    මෙම පොරොන්දුවේ ප්‍රගතිය පිළිබඳ කිසිදු තොරතුරක් පොදු අවකාශයේ සොයාගන්නට නැත.

    more
    ඉටුකළ යුතු

    12-Oct-21

  • ජාතික ව්‍යවසාය අධිකාරියක් ස්ථාපිත කිරීම

    "ජාතික ව්‍යවසාය අධිකාරියක් ඇති කිරීම මගින් මෙම ව්‍යවසායන් ලාබදායී ව්‍යාපාර ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය වාණිජමය පරිසරයක් ඇති කරනු ලැබේ."

    මෙම පොරොන්දුවේ ප්‍රගතිය පිළිබඳ කිසිදු තොරතුරක් පොදු අවකාශයේ සොයාගන්නට නැත.

    more
    ඉටුකළ යුතු

    12-Oct-21

  • මැතිවරණයක දී විදයම් කළ හැකි උපරිම මුදල් ප්‍රමාණය සහ එහි භාවිතය සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීම

    " දේශපාලකයින්ට මැතිවරණයක දී විදයම් කළ හැකි උපරිම මුදල තීරණය කිරීමටත් එකී උපරිමය ඉක්මවා කටයුතු කරනවාදැයි අධීක්‍ෂණය කිරීමටත් මැතිවරණ කොමිසමට බලය පැවරෙන නීති සම්පාදනය කරනු ලැබේ"

    මෙම පොරොන්දුව තවමත් ක්‍රියාත්මක කර නොමැති අතර එය තවමත් ඉතිරිව පවතී.

    ඔක්තෝබර් 12 වන දින වන විට, 'මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව' රැස්වීම් දෙකක් පවත්වා ඇත.

    මෙම පොරොන්දුවට අදාළ අන්තර්ගතය 2021 ඔක්තෝබර් 12 වන විට තවම ගෙනවිත් නැත.

    more
    ඉටුකළ යුතු

    12-Oct-21

  • රාජ්‍ය බැංකු, ප්‍රධාන දෙපාර්තමේන්තු හා සංස්ථා සඳහා ව්‍යවහාරික විගණන සිදු කර විනිවිද භාවයෙන් යුත් අදායම් හා වියදම් පිලිබඳ කළමණාකරන ක්‍රමවේදයක් ඇති කිරීම

    "රාජ්‍ය බැංකු, ප‍්‍රධාන දෙපාර්තමේන්තු සහ සංස්ථා සඳහා ව්‍යවහාරික විගණන සිදුකර විනිවිද භාවයෙන් යුත් ආදායම් හා වියදම් පිළිබඳ කළමනාකරණ ක‍්‍රමවේදයක් ඇති කරන අතර නියමිත ව්‍යවස්ථාපිත අවශ්‍යතාවන්ට අනුව වාර්ෂික ගිණුම් ඉදිරිපත් කිරීමේ වගකීම පැහැර හරින අධ්‍යක්ෂ මණ්ඩල වෙනස් කිරීමට කටයුතු කෙරේ"

    මෙම පොරොන්දුවේ ප්‍රගතිය පිළිබඳ කිසිදු තොරතුරක් පොදු අවකාශයේ සොයාගන්නට නැත.

    more
    ඉටුකළ යුතු

    12-Oct-21

  • Testing Edited

    This is a testing description, edited desc

    more
    ඉටුකළ යුතු

    05-Oct-23

  • රාජ්‍ය ව්‍යවසායන්හි වාර්ෂික වාර්තා පිළියෙළ කිරීම විධිමත් කිරීම

    "රාජ්‍ය ව්‍යවසායන්හි වාර්ෂික වාර්තා පිළියෙල කිරීම විධිමත් කළයුතු අතර ඒ ඒ ආයතනවල ක‍්‍රියාකාරීත්වය පිළිබඳ ආයතන කාර්ය සාධනය ඇගයීම සඳහා විධිමත් ක‍්‍රමවේදයක් ස්ථාපිත කරනු ලැබේ"

    more
    නොදනී
  • සර්ව ආගමික උපදේශන සභාවක් පත් කිරීම

    "දිස්ත‍්‍රික් සහ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සර්ව ආගමික සභාවක් බිහිකර ආගමික කණ්ඩායම් අතර මතුවන ගැටලු විසඳා ගැනීමේ යාන්ත‍්‍රණයක් බිහි කිරීම"

    මෙම පොරොන්දුවේ ප්‍රගතිය පිළිබඳ කිසිදු තොරතුරක් පොදු අවකාශයේ සොයාගන්නට නැත.

    more
    නොදනී

    12-Oct-21

  • ජාතික ඉඩම් කොමිසමක් පත් කිරීම

    "පාරම්පරික සහ පුරා විද්‍යාත්මක වැදගත්කම, ඛනිජ සම්පත් පිහිටීම, නාගරීකරණය, යටිතල පහසුකම් සංවර්ධනය, අනාගත අවශ්‍යතා යන සාධක පදනම් කරගෙන ඉඩම් පරිහරණ සැලැස්මක් ජාතික, පළාත්, දිසා සහ ප‍්‍රාදේශීය මට්ටමෙන් පිළියෙල කිරීම සඳහා ජාතික ඉඩම් කොමිසමක් ඇති කරනු ලැබේ"

    මෙම පොරොන්දුවේ ප්‍රගතිය පිළිබඳ කිසිදු තොරතුරක් පොදු අවකාශයේ සොයාගන්නට නැත.

    ජාතික ඉඩම් කොමිෂන් සභාවක් පිහිටුවීමේ අරමුණ රජයේ ඉඩම් සම්බන්ධයෙන් පමණක් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම වන අතර පුද්ගලික ඉඩම්වලට අදාළ නොවේ. ජාතික ඉඩම් කොමිෂන් සභාව තුළ, සියලුම පළාත් සභාවල නියෝජිතයින්, ස්වභාවික සම්පත් කළමනාකරණයට අදාළ සියලු විෂයයන් නියෝජනය කරන තාක්ෂණික ලේකම් කාර්යාලයක් ඇතුළත් වනු ඇත. තාක්ෂණික හා සමාජ-ආර්ථික හේතුන් සැලකිල්ලට ගනිමින් ප්‍රතිපත්ති සම්පාදනය කරනු ලබන අතර, ඉඩම් පරිහරණය, ​​වන ආවරණය, පස, දේශගුණය, පාරිසරික සාධක සහ ආර්ථික ශක්‍යතාව පිළිබඳ සාමාන්‍ය රාමුව සහ සම්මතයන් පිළිබඳව අවධානය යොමු කරනු ඇත.

    මෙම කොමිෂන් සභාව පිහිටුවීම 1992 දී පනත් කෙටුම්පතක් මගින් අනුමත කරන ලද අතර 1994 දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු අවලංගු විය.

    more
    නොදනී

    12-Oct-21

  • ආරක්ෂක හමුදාවල සහ පොලිස් නිලධාරීන්ට දේශපාලන බලපෑමෙන් තොරව රාජකාරී කරගෙන යාමට අවශ්‍ය නීතිමය රැකවරණය සැලැස්වීම

    "වර්ෂ 2015 සිට පසුගිය කාලය පුරා ම ඇති කරන ලද විවිධ පීඩාවන් නිසා බිඳ වැටුණ ආරක්ෂක හමුදාවල හා පොලිස් නිලධාරීන්ගේ මානසිකත්වය සහ අභිමානය නැවත නගා සිටුවීම සඳහාත් දේශපාලන බලපෑමෙන් තොර ව සිය රාජකාරි කරගෙන යාම සඳහාත් අවශ්‍ය නීතිමය රැුකවරණය ඔවුන්ට ලබා දෙනු ඇත"

    මෙම පොරොන්දුවේ ප්‍රගතිය පිළිබඳ කිසිදු තොරතුරක් පොදු අවකාශයේ සොයාගන්නට නැත.

    more
    නොදනී

    12-Oct-21

Subscribe for Manthri.lk

Please submit your details to subscribe for Manthri.lk newsletter.